අවුරුදු සේල් 36කට නඩු

අවුරුදු සේල් 36කට නඩු

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව වැරදි සිදු කරමින් සේල් පවත්වාගන යනු ලැබූ වෙළෙදුන් 36කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අදාළ වැටලීම්වලට ලක්වූ ව්‍යාපාරික ස්ථාන අතර ඇදුම් පැළදුම් හා විදුලි උපකරණ අලෙවිය සිදුකරන සේල් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්.

සේල් මගින් භාණ්ඩ අලෙවිකිරීමේ දී විදුලි උපකරණ සදහා ලබාදිය යුතු මාස 6ක වගකීම පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතුය.

පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවත් වෙළදුන් දැනුම්වත් කරන අතර වෙළෙඳපොලේදී භාණ්ඩ මිලදීගැනීමේදී සෑමවිටම කල්පනාකාරීව තෝරා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන ලෙසත් ගැටළුවක් ඇති වුවහොත් අවශ්‍ය ඉදිරි කටයුතු සදහා අනිවාර්යයෙන්ම බිල්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගිකයන් දැනුවත් කරනු ලැබේ.

වෙළෙඳපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරයෙන් විමර්ශන, වැටලීම් මෙන්ම වෙළදුන් සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සදහා ද විශේෂ වැඩසටහන් අඛණ්ඩවම තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

Share This