සහල් වෙළෙඳුන් 80කට නඩු
වැඩි මිලට සහල් අලෙවි කළ හා සහල් තොග සඟවා ගෙන සිටි පුද්ගලයින් 80 කට එරෙහිව ඊයේ(12) දිනයේ නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පැවසුවේ ගෙවුණු දින 03 තුළ එවැනි පුද්ගලයින් 201 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවයි.
වැඩි මිලට සහල් විකුණන පුද්ගලයින් සොයා දීපව්‍යාප්තව වැටලීම් තවත් දැඩි කරන බව අධිකාරිය ප්‍රකාශ කළා.