රංගන ශිල්පිනි දමිතාට එරෙහි නඩුව කල් යයි

රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා සැප්තැම්බර් මස 23වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (19) නියෝග කළාය.
කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට පරිඝනක අපරාධ කොට්ටාසය මගින් චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9ත් – 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයේ පෙනී සිටින ලෙස කළ කොන්දේසිය ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර ලබා දුන්නේය.
මෙම නඩුවේ ගනුදෙනුවට අදාල බව පැවසෙන ප්‍රශ්න ගත වාහනය ලියාපදිංචි අයිතිකරුට මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ද ප්‍රකාශයට පත්කෙරුණි.
එම වාහනය නඩු භාණ්ඩයක් හෝ අපරාධයක් සම්බන්ධ භාණ්ඩයක් බවට අධිකරණය හමුවේ දක්වා නැති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අධිකරණයට හැකියාවක් නැති බව මහේස්ත්‍රාත්වරිය දක්වා සිටියාය.
- අකිලා නදීෂානි බණ්ඩාර