ඔක්සිජන් කම්හලක ගබඩා ටැංකියකින් කාබන් ඩයොක්සයිඩ් කාන්දු වෙයි

ඔක්සිජන් කම්හලක ගබඩා ටැංකියකින් කාබන් ඩයොක්සයිඩ් කාන්දු වෙයි

ඉන්දියාවේ රාජස්ථාන ජායිපූර් හි අජ්මේරා ඔක්සිජන් කම්හලේ ගබඩා ටැංකියක කපාටයක් කැඩී යාමෙන් පසු කාබන් ඩයොක්සයිඩ් වායු කාන්දුවක් සිදු ව තිබෙනවා.

මේ පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු, ගලවා ගැනීමේ කණ්ඩායම එම ස්ථානයට ළඟා වූවත් මීටර් 200 ක් පමණ දුරකට කිසිවක් නොපෙනෙනුන බවයි ඔවුන් පවසා ඇත්තේ.

ජායිපූර් සිවිල් ආරක්ෂක නියෝජ්‍ය පාලකවරයාගේ උපදෙස් මත, කණ්ඩායම ප්‍රධාන කපාටය වසා දමා ඇති අතර කාබන් ඩයොක්සයිඩ් කාන්දු වීම ඒ අනුව නතර වී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් ආරක්ෂක නියෝජ්‍ය පාලක පවසා ඇත්තේ මේ වන විට තත්වය පාලනය කර ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවයි.

Share This