ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට කැනඩාව තීරණය කරයි

එක්සත් ජනපදය සමග නව ආර්ථික සහ ආරක්ෂක ගිවිසුමක් සඳහා වන සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අරමුණින් ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට කැනඩාව තීරණය කර තිබේ.
කැනඩාවේ මූල්‍ය අමාත්‍ය ෆ්‍රොන්සොවා ෆිලිප් පැවසුවේ මෙම බද්ද අවලංගු කිරීමෙන් එක්සත් ජනපදය සමග නව ආර්ථික සහ ආරක්ෂක සබඳතා ගිවිසුමක් සඳහා සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි වනු ඇති බවයි.
මෙම තීරණය G7 සමුළුවේදී සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡා කඩවීමකට පසු දෙරට අතර ආර්ථික සබඳතා නැවත ස්ථාපිත කිරීමේ උත්සහයකි. කැනඩාවට අදාළ නීතිමය ක්‍රියාවලියක් හරහා බද්ද අවලංගු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ජුනි 30 වැනි දා සිට බද්ද එකතු කිරීම නවතා ඇත.
මෙම බද්ද 2024 වසරේ ජුනි මස ක්‍රියාත්මක වූ අතර කැනඩාවේ පරිශීලකයන්ගෙන් ආදායම් උපයන විශාල තාක්ෂණික සමාගම්වලට 3%ක බද්දක් පනවනු ලැබීය. Google, Meta, Amazon, Apple වැනි සමාගම් මෙහිදී බලපෑමට ලක් විය.
සඳුනි තිලකරත්න