නව පත් කිරීම් තුනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

නව පත් කිරීම් තුනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාළ පත් කිරීම වසරක කාලයක් සඳහා වලංගු වනු ඇති.

මේ අතර ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස ආර්.ඒ චන්දන සමන් රණවීර ආරච්චි මහතා පත් කර තිබෙනවා.

ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදුන් අනුමැතිය අනුවයි.

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින් ආචාර්ය ඊ.ආර්.එස්.පී එදිරිමාන්න මහත්මිය පත් කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Share This