රාජ්‍ය සේවයට 15,073ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව රේඛීය අමාත්‍යංශ 18ක, පළාත් සභා 04ක සහ විශේෂ වියදම් ඒකක 02ක අදාළ බඳවාගැනීම සිදු කළ යුතුවේ.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කරන ලදී.