රාජ්‍ය සේවයේ  පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ  පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා රජයේ අවධානය යොමුවී තිබෙනවා.

එම පත්කිරීම දේශපාලන බලපෑම්වලින් තොරව කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව සිදු කිරීමට රජයේ ප්‍රතිපත්තිය වනවා.

කොවිඩ්-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කෙරුණා.

මේ අතර රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්යමණ්ඩල නැවත සමාලෝචනය  කර, අත්‍යවශ්‍ය බඳවාගැනීම සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබුණා.

ඒ නිර්දේශ මත පදනම්ව මේ වනවිට රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

Share This