බස් ගැමුණු අද අවසන් තීරණයක් ගන්නා බව කියයි
බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අද (08) අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ පොලීසිය ආරම්භ කර ඇති බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය සැලසුම් කරන්නේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා සමඟ අද පෙරුවරුවේ සාකච්ඡාවක් පවත්වන බවයි.
මෙම බස් රථ පරීක්ෂාවෙන් පීඩාවට පත්වන තම සාමාජිකයන් සමග සාකච්ඡා කොට අද දින දහවල් 12 පමණ වන විට සිය තීන්දුව ලබාදීමට කටයුතු කරන බවත් ගැමුණු විජේරත්න මහතා පවසනවා.