BTS Suga හෙවත් මින් යුංගි කණ්ඩායම හැර යයිද?
බීමතින් රිය පැදවීමේ සිද්ධියේ නව CCTV දර්ශන හෙළිවීමෙන් පසු HYBE ප්‍රතිචාර දක්වයි
දකුණු කොරියානු මාධ්‍ය ඇතුළු ලොව පුරා සියළු සමාජ මාධ්‍ය ජාලා ඇවිලූ Global Music Band එකක් වන දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායමෙහි සාමාජික රැප් ගායක Min Yoongi හෙවත් Suga ට මුහුණ දෙන්න වුණ අකරතැබ්බය ගැනයි මේ කතාව…
මේ වනවිට සංගීතයෙන් මදක් විවේක ගෙන දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයේ නිරත වෙලා ඉන්න BTS කණ්ඩායමේ Suga ඔහුගේ නිවාඩු දිනයේ (අගෝස්තු 05 හෝ 06 වැනිදා) යාළුවොත් සමග එකතුවෙලා පොඩි සාදයක් පවත්වලා තිබුණා..
ඉතින් යාළුවොත් එක්ක එකතු වුණාම දන්නේ නැද්ද.. සුගා එහිදී යාලුවොත් එක්ක කාලා බීලා සිංදු කියලා නටලා එහෙම තිබ්බා.. (මත්පැන් පානය කරලා)
හැබැයි සුගා එහෙම ලොකුවට මත්පැන් අරගෙන තිබුණේ නැහැ කියලා තමයි වාර්තා වුණේ.. (සාමාන්‍ය ප්‍රමාණයෙන්)
අනතුරුව මේ සාදය ඉවරවෙලා සුගා නැවත නිවසට පැමිණෙන්නේ එයාගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකෙන්… ඔය එන අතරතුර සුගා එම ස්කූටර් එකෙන් වැටිලා ආයේ අනික් අතට නැගිටිනවා.. එම ස්ථානයට පොලිස් නිළධාරීන් තිදෙනෙකු එනවා.. බීමත්ව රිය පැදවීමේ වරද අතරට එම සිදුවීම අයත් වන නිසා සුගාගේ රියැදුරු බලපත්‍රය පොලිස් නිළධාරීන් භාරයට අරගෙන සුගාට අවවාද කරනවා…
එතනින් පස්සේ තමයි වැඩේ පත්තු වෙන්නේ..
ඒ කියන්නේ දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය මාධ්‍ය ජාලයක් වන JTBC මාධ්‍ය, සුගාගේ මේ සිදුවීම මහා විශාල වරදක් ලෙස අර්ථකතනය කරමින් සුගාගේ රිය අනතුර බව පවසා එම මාධ්‍ය හරහා CCTV දර්ශන කිහිපයක් නිකුත් කරනවා…
මාධ්‍යකට කරන්න පුලුවන් බලපෑම කොච්චරද කිව්වොත් කතාව ආරම්භ වෙන්නේ එම CCTV දර්ශන ප්රචාරයෙන් පසුවයි..
එතනින් එහාට කොරියාවේ සෙසු මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ද මේ පිළිබඳ වාර්තා කළා.. (ඒ සුගාගේ චරිතයටත් හානි කරමින්)
ඇතැම් ප්‍රෙක්ෂකයින් සුගා වගේ කෙනෙක් BTS කණ්ඩායමට සුදුසු නැහැ.. ඔහුට කණ්ඩායම හැර යන ලෙස බලකරමින් සමාජ මාධ්‍ය ජාලා ඇතුලේ විවිධ බලපෑම් එල්ල කරනු ලැබුවා.. සුගාට කිසිඳු ලෙසකින් කේෂ්ත්‍රයේ පෙනී නොසිටින ලෙසට ඔවුන් බලපෑම් කළා..
කෙසේ වෙතත් සදා නොවෙනස් ARMY (BTS ෆෑන් බේස් එක හඳුන්වන නම) හැමදාමත් වගේ සුගා වෙනුවෙන් පෙනී සිටියා.. ඉතින් සුගාට මේ මොහොතේ ශක්තිමත්ව ඉන්න කියලා ඔහුට මල් කළඹවල් සියයට වැඩි ප්‍රමාණයක් යවා තිබුණා.. සමාජ මාධ්‍ය හරහා විවිධ සටහන් තබමින් ‘සුගා ආර්මි ඔබ සමගයි’ යන්න ද සඳහන් කර තිබුණා..
දකුණු කොරියාව කියන්නේ නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන රටක්.. ඒ නීතිය කාට වුණත් ඒකයි.. ඉතින් සුගාටත් ඒ නීතිය ඒ විදියමයි.. ඉතින් සුගාට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි වුණ බලපෑම් මධ්‍යයේ සුගාගේ රිය අනතුර සම්බන්ධයෙන් තවත් සීසීටීවී දර්ශන කිහිපයක් එළියට එනවා..
ඒ, දින දෙකකට පෙරයි..
මීට පෙර JTBC” හි “Newsroom හරහා සුගාගේ යැයි ප්‍රචාරය කළ CCTV දර්ශනවල සිටින්නේ සුගා නොවන බවට එම දර්ශන හරහා තහවුරු වනවා..
මීට පෙර මාධ්‍ය හරහා ප්‍රචාරය වූ සීසීටීවී දර්ශනවල සිටින්නේ රැප් ගායක සුගා නොවන බවත්, පෙර දර්ශන එම ස්ථානයේම සුගාගේ අනතුරට පෙර දවසක සිදුවු වෙනත් අනතුරක් බවටත් පසුව දකුණු කොරියානු පොලීසිය ප්‍රකාශ කරලා තිබුණා.
එම සීසීටීවී නිරීක්ෂණය කිරීමෙන් පසු පොලීසිය විසින් සුගා නිවැරැදි බවට තහවුරු කළා.
“එම දර්ශනවලින් ඔප්පු වෙනවා සුගා වරදක් සිදුකරලා නැහැ කියලා.. Suga Electric Scooter එක ඇවිදීමට ආසන්න වේගයෙන් ධාවනය කරන්නේ.. ප්‍රධාන මාර්ගය භාවිත නොකර මෝටර් රථවලින් ඈත්ව, හිස්වැසුම් පැළඳ, කෙලින්ම මීටර් 500 ක් පමණ ධාවනය කර, හදිසි හැරීමකින් පසු ඔහුගේ නිවස ඉදිරිපිට වැටී, වහාම නැගිට්ටේය.. Suga කිව්වා වගේම එයාගේ නිවස ඉස්සරහ වැටෙන්නේ.. පොලිස් නිලධාරින් තිදෙනා එද්දී එයා බීම වැටිලා නෙවෙයි ඉන්නේ.. එයාව හොයා ගනිද්දී suga හොඳින් හිටගෙන ඉන්නවා..”
කොහොම වුණත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සුගාත් තමන්ගේ ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා තිබුණා..
අනතුරුව දකුණු කොරියානු මාධ්‍යටත් සුගාට සිදුකළ අපහාසයට සමාව ගන්නැයි ප්‍රේක්ෂකයින් දැවැන්ත ලෙස බලකලා.. JTBC මාධ්‍ය නාලිකාව හරහා සුගාගේ සිදුවීම ලෙස හුවා දක්වමින් මීට පෙර පළකල ව්‍යාජ CCTV දර්ශන සම්බන්ධයෙන් සමාව ඉල්ලන්න කියලා ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍ය හරහා විරෝධතා දැක්වූවා.. මෙම සිදුවීම සම්බන්ධයෙන් සුගාට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළ JTBC මාධ්‍ය නාලිකාව අවසානයේදී සජීවීව සුගාගෙන් සමාව ඉල්ලා සිටියා..
“BTS සාමාජික Suga බීමතින් රිය පැදවීමේ සිද්ධිය පිළිබඳව අපගේ ප්රවෘත්ති අංශය පසුගිය 07 වැනිදා වාර්තා කළා.. එම අවස්ථාවේදී අපි ඔහු Electric Scooter යක නැගී පාරේ යන ආකාරය දැක්වෙන CCTV දර්ශන වාර්තාව ආරම්භයේදීම විකාශය කළා.. කෙසේ වෙතත්, පොලිස් පරීක්ෂණයකින් දර්ශනවල සිටි පුද්ගලයා Suga නොවන බව තහවුරු වුණා.. එම දර්ශන ප්‍රචාරය හරහා ඔබව ව්‍යාකූලත්වයකට පත්කිරීම සම්බන්ධයෙන් අප සමාව අයදිමු..”
කොහොම වුණත් ප්‍රේක්ෂකයින් නම් කියන්නේ මේ සමාව ඉල්ලීම නම් හොඳටම මදි කියලා…
ඔය අතරතුර තව කතා කතා ගොඩායි….
“සුගා BTS කණ්ඩායම හැරයන්න සුදානම් වෙනවා.. සුගාගේ ඒජන්සිය HYBE සුගාට යන්න කියලා.. සුගා ඩිප්රේෂන් වෙලා..”
ඉතින් මේ හැම කතාවකටම HYBE ප්‍රතිචාර දක්වලා තියනවා…
“ඔවුන් සඳහන් කරන්නේ JTBC මාධ්‍ය නාලිකාව හරහා සුගාගේ යැයි ප්‍රචාරය කළ CCTV දර්ශන සුගාගේ නොවන බවට තහවුරු වූ බවත්, හැම මොහොතේම ආයතනයක් ලෙස සුගාව ආරක්ෂා කරන බවත්, ඔහු කිසිඳු අයුරකින් BTS කණ්ඩායම හැර නොයන බවත්ය… එමෙන්ම සුගාට සිදූවූ අපහාසය සම්බන්ධයෙන් අදාල ආයතන සහ පුද්ගලයින් පිළිබඳ දැඩිව ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා කියලත් HYBE ප්‍රකාශ කරලා තියනවා…”
සංගීත කේෂ්ත්‍රයේ ‘සුගා’ ලෙස ප්‍රසිද්ධ ඔහුගේ සැබෑ නාමය ‘මින් යුංගි’ යි..
ARMY නම් ඔහුව රැප් කුමරා.., පූස්.., යුංගියා.. රැප් බ්ලාස්ට් යන විවිධ නම්වලින් හඳුන්වනු ලබනවා..
1993 මාර්තු මස 09 වැනිදා උපත ලැබූ මේ වනවිට 31 වන වියේ පසුවන සුගාට මේ සියළු බාධක මැඩගෙන සංගීත කේෂ්ත්‍රයෙන් තවතවත් ඉහළටම යන්න ARMYගෙන් සුබපැතුම්..