BTS පවුලේ ලොක්කයියාගේ හමුදා පුහුණුව අදින් අවසන්

Welcome Back World Wide Handsome 'Kim Seok-jin'

BTS පවුලේ ලොක්කයියාගේ හමුදා පුහුණුව අදින් අවසන්

දකුණු කොරියාවේ BTS (Bangtan Boys or Bulletproof Boy Scouts) සංගීත කණ්ඩායමේ ‘කිම් සොක් ජින්’ (Kim Seok-jin) අද (12) සිය අනිවාර්ය හමුදා පුහුණුව අවසන් කෙරුවා..

ඒ මාස 18ක හමුදා පුහුණුවෙන් අනතුරුවයි..

Monara

‘BTS’ හි වැඩිමහල් සාමාජිකයා වන ‘Kim Seok-jin’ එහෙමත් නැත්නම් ‘ජීන්’ තමයි එම සංගීත කණ්ඩායමෙන් පළමුවෙන්ම අනිවාර්ය හමුදා පුහුණුවට සහභාගි වුණේ..

Monara

කොහොමහරි දීර්ඝ කාලයකට පස්සේ ඔන්න අද ඉදලා ‘ජින්’ ආයේමත් සුපුරුදු විදියට එයාගේ සංගීත වැඩකටයුතු ආරම්භ කරන්න ලෑස්තියි..

Monara

ජින් හමුදා සේවයේ ඉන්නකොට එයාට ‘Army’ලාව ගොඩාක් මතක් වෙලා තියනවා..

‘Army’ කියන්නේ (BTS හි ෆෑන් බේස් එක හඳුන්වන නම)

ඉතින් ඒ හින්දා ‘ජින්’ ගෙදර යන්නේත් නැතුව තමන්ගේ රසික ප්‍රජාව ‘Army’ලාව මුණගැහෙන්න, කතා බහකරන්න සැලසුම් කරලා තියනවා කියලා තමයි කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ..

Monara

මේ වනවිට ‘BTS’ හි සියළු සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා පුහුණුවේ නිරත වනවා.

කොහොම වුණත් ‘ජින්’ නම් අද හමුදා සේවයෙන් නිදහස් කෙරුණා.

ඔහු හමුදා සේවයෙන් නිදහස් වෙනකොට ‘BTS’ අනෙක් සාමාජිකයින් 06දෙනාත් ‘ජින්ව’ පිළිගන්න ඇවිල්ලා තිබුණා.

Monara

එහිදී BTS නායක RM, කණ්ඩායමේ ජනප්‍රිය ගීතයක් වන “ඩයිනමයිට්” (සැක්සෆෝනයකින්) වාදනය කරමින් සිය සතුට ප්‍රකාශ කළ බවයි කොරියානු මාධ්‍ය වාර්තා කළේ.

Monara

1992 දෙසැම්බර් මස 04 වැනිදා උපත ලැබූ ‘Kim Seok-jin’ මේ වනවිට 31 වන වියේ පසුවනවා.

2013 වසරේ නිල වශයෙන් සිය සංගීත දිවිය ආරම්භ කළ ජින් ඇතුළු ‘BTS’ කණ්ඩායම ගෙවුණු දශකයක කාලය තුළ K.pop හරහා ගෝලීය සංගීතය උඩුයටිකුරු කළා.

තවත් චිරාත් කාලයක් සංගීත කේෂ්ත්‍රයට විශිෂ්ට නිර්මාණ බිහිකිරීමට ‘ජින්’ ඇතුළු ‘BTS’ සංගීත කණ්ඩායමට හැකිවේවායි කියලයි අපි ප්‍රාර්ථනා කරනවා..

Monara

දකුණු කොරියාවේ වයස අවුරුදු 18ත් 28ත් අතර සියළු පිරිමි පුද්ගලයින් අනිවාර්ය හමුදා සේවයේ හෝ සමාජ සේවයේ (මාස 18 සිට 21 දක්වා) නිරත විය යුතුයි.

කොහොම වුණත් K-pop කලාකරුවන්ට අනිවාර්ය හමුදා සේවයට යන්න වයස අවුරුදු 30 දක්වාම අවස්ථාව හිමිවනවා.

ඒ, 2020 වසරේ දී එරට පාර්ලිමේන්තුව විසින් පොප් තරුවලට ,එනම් “ජනප්‍රිය සංස්කෘතියේ සහ කලාවේ විශිෂ්ටත්වයට පත්” අයට වයස අවුරුදු 30 දක්වා ඔවුන්ගේ අනිවාර්ය හමුදා සහ සමාජ සේවය කල් දැමීමට ඉඩ සලසන නව පනත් කෙටුම්පතක් සම්මත කිරීමත් සමගයි.

Monara

Share This