‘BTS’ පවුලේ ‘J Hope’ ගේ හමුදා පුහුණුව අදින් අවසන්: Welcome Back ‘HOBI’
දකුණු කොරියාවේ BTS (Bangtan Boys or Bulletproof Boy Scouts) සංගීත කණ්ඩායමේ ‘J hope’ (Jung Ho-seok) අද (17) සිය අනිවාර්ය හමුදා පුහුණුව අවසන් කෙරුවා..
ඒ මාස 18ක හමුදා පුහුණුවෙන් අනතුරුවයි..
‘BTS’ හි දක්ෂතම නර්තන ශිල්පියා ලෙස හැඳින්වෙන ‘J hope’ එහෙමත් නැත්තම් ‘Jung Ho-seok’ තමයි එම සංගීත කණ්ඩායමෙන් දෙවැනියට දකුණු කොරියානු අනිවාර්ය හමුදා පුහුණුවට සහභාගි වුණේ.
කොහොමහරි දීර්ඝ කාලයකට පස්සේ ඔන්න අද ඉදලා ‘J hope’ ආයෙමත් සුපුරුදු විදියට එයාගේ සංගීත වැඩකටයුතු ආරම්භ කරන්න ලෑස්තියි..
අද දිනයේ හමුදා සේවය නිමකරපු ‘J hope’ ව පිළිගන්න ලස්සන මල් කළඹක් අරගෙන ‘BTS’ සංගීත කණ්ඩායමේ ලොක්කයියා ‘Jin’ සහ ඔහුගේ නියෝජිත ආයතනයේ පිරිසක් ද ඇවිල්ලා තිබුණා..
රසිකයින් සියදෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ද ‘J hope’ව පිළිගන්න හමුදා කඳවුර වෙත ඇවිල්ලා තිබුණා.. පැමිණ සිටි රසිකයින්ට ස්තූති කරන්නත් ඔහු අමතක කළේ නැහැ..
“රසිකයින්ට ස්තූතියි.. මගේ හමුදා සේවාව ආරක්ෂිතව, හොඳ සෞඛ්‍යයකින් අවසන් කිරීමට හැකි වුණා.. පසුගිය වසර එකහමාරක කාලය තුළ මට දැනුණු දෙය නම්, බොහෝ සෙබළුන් වෙහෙස මහන්සි වී, කැපවී, රට ආරක්ෂා කිරීමට බොහෝ දේ කරමින් සිටින බවයි.. ඔවුන් ගැන තවදුරටත් සොයා බලන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.. හමුදාවේ සේවය කරන සියළු දෙනාට මගේ ආදරය සහ ගෞරවය හිමිවනවා.. ස්තූතියි හැමෝටම..”
‘Jin’ට වගේ ‘J hope’ ටත් හමුදා සේවයේ ඉන්නකොට ‘Army’ලාව (BTS හි ෆෑන් බේස් එක හඳුන්වන නම) ගොඩාක් මතක් වෙලා තියනවා..
මේ වනවිට ‘BTS’ හි තවත් සාමාජිකයින් පස්දෙනෙකු දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා පුහුණුවේ නිරත වනවා.
ඔවුනුත් සමාජ මාධ්‍යය ඔස්සේ ‘J hope’ ට සුබ පැතුම් එක්කරලා තිබුණා..
1994 පෙබරවාරි මස 18 වැනිදා උපත ලැබූ ‘J hope’ ගේ ජන්ම නාමය වන්නේ ‘Jung Ho-seok’
ඔහු ‘HYBE’ නියෝජිත ආයතනය හා බැඳී සිය සංගීත දිවිය ආරම්භ කරන්නේ ‘J hope’ යන වේදිකා නාමයෙන්.
Sun Shine, ‘HOBI’ යන නාමයෙන්ද ඔහුව හඳුන්වනු ලබනවා.
ඕනෑම මොහොතක සිනා සී සිටින ‘J hope’ ‘BTS’ කණ්ඩායමේ සියළුම සාමාජිකයින් සමග සුහදව කටයුතු කරන කාරුණික පුද්ගලයෙක් ලෙස ප්රකටයි..
මේ වනවිට 30 වන වියේ පසුවන ‘J hope’ දක්ෂ ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, ගී පද රචකයෙක් සහ නිෂ්පාදකයෙක් යන භූමිකාවල වාර්තා පිට වාර්තා තැබූ අයෙක්..
2013 වසරේ නිල වශයෙන් සිය සංගීත දිවිය ආරම්භ කළ ‘J hope’ ඇතුළු ‘BTS’ සංගීත කණ්ඩායම ගෙවුණු දශකයක කාලය තුළ K.pop හරහා ගෝලීය සංගීතය උඩුයටිකුරු කළා.
තවත් චිරාත් කාලයක් සංගීත කේෂ්ත්‍රයට විශිෂ්ට නිර්මාණ බිහිකිරීමට ”J hope” ඇතුළු ‘BTS’ සංගීත කණ්ඩායමට හැකිවේවායි කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.
දකුණු කොරියාවේ වයස අවුරුදු 18ත් 28ත් අතර සියළු පිරිමි පුද්ගලයින් අනිවාර්ය හමුදා සේවයේ හෝ සමාජ සේවයේ (මාස 18 සිට 21 දක්වා) නිරත විය යුතුයි.
කොහොම වුණත් K-pop කලාකරුවන්ට අනිවාර්ය හමුදා සේවයට යන්න වයස අවුරුදු 30 දක්වාම අවස්ථාව හිමිවනවා.
ඒ, 2020 වසරේ දී එරට පාර්ලිමේන්තුව විසින් පොප් තරුවලට ,එනම් “ජනප්‍රිය සංස්කෘතියේ සහ කලාවේ විශිෂ්ටත්වයට පත්” අයට වයස අවුරුදු 30 දක්වා ඔවුන්ගේ අනිවාර්ය හමුදා සහ සමාජ සේවය කල් දැමීමට ඉඩ සලසන නව පනත් කෙටුම්පතක් සම්මත කිරීමත් සමගයි.