බ්රයන් ලාරාගේ වාර්තාව සුරක්ෂිතයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් ක්රිකට් තරගයේ දකුණු අප්රිකානු පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ, කඩුලු 05ක් දැවි ලකුණු 626ක් ලබා සිටි අවස්ථාවේදීය.
ඉනිම අත්හිටුවීමට තීරණය කරන විට කණ්ඩායම් නායක ව්යාන් මල්ඩර් නොදැවි ලකුණු 367ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ටෙස්ට් ඉනිමකදී බ්රයන් ලාරා රැස්කළ ලකුණු 400 වාර්තාව තවදුරටත් සුරක්ෂිත වනු ඇත.