නව අවුරුදු ප්‍රහාරකයාට ‘මරා දැමීමට ආශාවක්’ තිබූ බව බයිඩන් පවසයි
නිව් ඕර්ලියන්ස් මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළට
අලුත් අවුරුදු දින අලුයම අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් හි විශාල පිරිසක් වෙත අධික වේගයෙන් පිකප් ට්‍රක් රථයක් පදවාගෙන ගොස් 15 දෙනෙකු ඝාතනය කර තවත් 35 දෙනෙකුට තුවාල සිදු කළ පුද්ගලයා ටෙක්සාස්හි 42 හැවිරිදි ඇමරිකානු පුරවැසියෙකු වන ෂම්සුඩ්-ඩින් ජබ්බාර් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඔහුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ජනතාව අතරට පදවාගෙන ආ වාහනයේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ධජයක් හමු වූ බවත්, මෙම ප්‍රහාරය “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස විමර්ශනය කරන බවයි FBI ආයතනය පවසන්නේ.
වින්දිතයින්ගේ අනන්‍යතා තවමත් තහවුරු වෙමින් පවතින නමුත් ඔවුන් අතර හිටපු ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල පාපන්දු තරුවක් වන මාටින් “ටයිගර්” බෙච් ද ඇතුළත් බව සඳහන්.
සැකකරු ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝ උඩුගත කර ඇති බවත්, ඔහු IS සංවිධානයෙන් ආභාෂය ලබා ඇති බවත් ඔහුට “මරා දැමීමට ආශාවක්” ඇති අයෙක් බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.
නිව් ඕර්ලියන්ස් සැකකරු ප්‍රහාරයට තනිකරම වගකිව යුතු නොවන බව ඔවුන් විශ්වාස කරන බව විමර්ශකයින් පවසන්නේ.
මෙම ප්‍රහාරයට පැය දෙකකට පමණ පසු, ලාස් වේගාස් හි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත්, ට්‍රම්ප් හෝටලයෙන් පිටත ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යාම මෙම ප්‍රහාරය සමග සම්බන්ධද යන්න සොයා පරීක්ෂණ සිදු කරන බව FBI ආයතනය පවසනවා.