බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සජබට

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි ජනබලවේගය අද (24) සමත් විය.
ඒ, දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් එම සභාව රැස්වූ අවස්ථාවේදීය.
පසුගිය පළාත් පාලන මැතිවරණ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට එහි බහුතර බලය තහවුරු කරගැනීමට නොහැකි විය.
ඒ හේතුවෙන් සභාපති ධුරය සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවැති අතර එහිදී ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ප්‍රේමකුමාර විජේවර්ධන මහතා ඡන්ද 12ක් ලබාගත් ඒ ධුරයට පත් වූවේය.
ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ මර්වින් ප්‍රදීප් කොඩිතුවක්කු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් පමණය.