ජනපතිගේ චීන සංචාරයෙන් ලංකාවට ලැබුණ වාසි මෙන්න
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඉදිරියටත් පෙනී සිටින බවට චීන ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය අධිකාරිය පොරොන්දු වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ලෝකයා සමඟ ඉදිරි ගමනට චීනයේ සහෝගය අවශ්‍ය වන අතර එය ශ්‍රී ලංකාවට අඛණ්ඩව හිමි වනු ඇති.
රුපියල් බිලියන 20ක ප්‍රදානයක් චීනය විසින් ලබාදුන් බවයි, විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවට විශාල සම්මන්ත්රණ ශාලාවක් ප්‍රදානයක් ලෙස ඉදිකරදීමට ද චීනය පොරොන්දුවී තිබෙනවා.
2025 වසරේදී මෙන්ම 2026 වසරේදී ද පාසල් සිසුන්ට නොමිලේ නිල රෙදි ලබාදීමට නියමිත බවයි, විජිත හේරත් මහතා කියා සිටියේ.