කනවද ? මූණෙ ගානවද ?? මී කිරිවලින් ලස්සන වෙන හැටි
මී කිරි කියන්නෙ රස වගේම ගුණයෙනුත් අනූන ප්‍රණීත ආහාරයක්. ඒ බව අමුතුවෙන් ඔබට කියන්න ඕනි නෑනෙ.
එහෙම රස කරන මී කිරිවලින් ලස්සන වෙන්නත් පුළුවන් විත්තිය ඔබ දැනන් උන්නාද ?? සමහරවිට ඔබ දැනටමත් රුව රැකගන්න මී කිරි යොදාගන්නවා ඇති.
නමුත් මී කිරි ඔබේ සමට ලබාදෙන්නේ කවරාකාර සත්කාරයක් ද.. මී කිරි භාවිතයෙන් ලස්සන වෙන්නෙ කොහොමද කියලා හරිහැටි නොදන්නවා නම්, මේ ලිපිය ඔබට…
මී කිරිවලට පුළුවන් ඔබේ සම වියළීමෙන් වළක්වා ගන්න.
ඒ වගේම කරදරකාරී කුරුළෑ පාලනයටත් මී කිරි වඩාත් උචිතයි. ඊට අමතරව සමෙහි සිදුරු වළක්වාලීමට, අඳුරු ලප නැති කිරීමට, සම වයසට යාම පාලනය කිරීමට, සමෙහි තෙතමනය පවත්වාගෙන යාමට, සම හිරු එළියෙන් ආරක්ෂා කරගැනීමට මී කිරි සතුව සුවිශේෂී හැකියාවක් පවතියි.
සම සම්බන්ධ උපදේශකයින්ගේ අදහස මී කිරිවල ගුණාත්මක භාවයන් මෙලෙස සම ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වන බව.
ඒ නිසාම මුහුණ ආශ්රිත බොහෝ ගැටළුකාරී තත්ත්වයන්ට විද්වතුන් යෝජනා කරන්නේ මුහුණු ආවරණයක් ලෙස මී කිරි භාවිතා කරන හැටියට.
එයාකාරයෙන් ඔබේ මුහුණට කළ හැකි සත්කාර කිහිපයකි මේ..
(curd as a face mask)
මී කිරි සහ පිපිඤ්ඤා
මී කිරි සහ තක්කාලි
මී කිරි සහ කහ
මී කිරි සහ මී පැණි
ඉහත සංයෝග සතියකට වරක් ඕනෑම වර්ගයේ සමක ගැල්වීම වඩාත් සුදුසුයි.
මීට අමතරව,
මී කිරි සහ ලෙමන් භාවිතය තෙල් සහිත සමකට සතියකට වරක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.
මී කිරි සත්කාර කිහිපයක් :
01) මී කිරි මේස හැන්දකට පිපිඤ්ඤා යුෂ තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.
පසුව විනාඩි 20 ක් පමණ මද රස්නය සහිත වතුරින් සෝදා ඉවත් කරන්න.
සතියකට දෙවරක් පමණ මෙය කිරීමෙන් ඔබේ සමේ අඳුරු පැහැය ඉවත් කරගත හැකියි.
02) සහල් පිටි තේ හැන්දකට මී කිරි මේස හැන්දක් සහ මී පැණි තේ හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 20 කින් පසුව මුහුණ සෝදා පිරිසිදු කරගන්න.
සතියකට එක් වරක් මේ සත්කාරය කිරීමෙන් ඔබට කුරුළෑවලින් තොර සුන්දර සමක් ලබාගත හැකියි.
03) මී කිරි මේස හැන්දකට දෙහි යුෂ තේ හැන්දක් එකතු කර මුහුණේ අලේප කරන්න.
පසුව විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර සොදා ඉවත් කරන්න.
සතියකට එක් වරක් හෝ මෙවැනි සත්කාරයක් කිරීම මඟින් මුහුණේ අධික තෙල් ස්වභාවය පාලනය කරගත හැකිය.
04) මී කිරි මේස හැන්දකට කඩල පිටි තේ හැඳි භාගයක් පමණ එකතු කර ගන්න.
මිශ්‍රණය සමෙහි කැළැල් සහිත ස්ථානවල ආලේප කර විනාඩි 20කින් පමණ පසු තෙත රෙදි කැබැල්ලකින් පිස දමන්න.
සතියකට වරක් මෙය සිදු කිරීම මඟින් ඔබේ මුහුණ වඩාත් පැහැපත් කරගත හැකිය.