ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට තහංචියක්
ක්‍රිකට් සංචාර අතරතුර සිය පවුලේ සමාජිකයන් සමඟ ගත කරන කාලය යළි සීමා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කණ්ඩායම් නායක රෝහිත් ශර්මා සහ පුහුණුකරු ගෞකම් ගාම්භීර් වෙත දැනුම්දී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ අනුව දින 45කට හෝ ඊට වැඩි සංචාරවලදී ක්‍රීඩකයින්ගේ බිරිඳ, දරුවන් සහ පෙම්වතියට ක්‍රීඩකයින්ට සති දෙකකට වැඩි කාලයක් රැඳි සිටිය නොහැකි වනු ඇති.
අදාළ සංචාරයේ පළමු දින 14 තුළ ඊට අදාළ අවසරය හිමි නොවන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කෙටි සංචාරවලදී අදාළ අවසරය දින 07කට පමණක් ලැබෙන බව සඳහන්.
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වූ කාලයේ අදාළ සීමාව ලිහිල් කර තිබුණේ, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පවුලේ සාමාජිකයන් ද ජෛව බුබුළට ඇතුළත් කර තිබීම හේතුවෙන්.
එමෙන්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සුවයෙන් තබා ගැනීම සඳහා ද එම අවස්ථාව ලබාදී තිබුණා.
මේ අතර පුහුණුවීම්වලට සහ තරගවලට සහභාගීවීමේදී කණ්ඩායම බස් රථයේ ගමන් කිරීම අනිවාර්යය කර ඇති බව සඳහන්.
අදාළ කොන්දේසීය මීට පෙර සිට ක්‍රියාත්මක වූ අතර එය මේ වනවිට ක්‍රීඩකයින් නොසලකා හැර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ක්‍රීඩකයින්ගේ පවුලේ සාමාජිකයන්ගේ නවාතැන් පහසුකම් සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගෙවීම් සිදු කරන බවත්, ගමන් වියදම් ඔවුන් විසින් නොදරන බවත් ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.