කාසියේ වාසිය බංගලාදේශයට

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු සංචාරක බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
ඒ අනුව බංගලාදේශ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 26කි.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර බංගලාදේශ කණ්ඩායම නජ්මුල් හුසෙයින් ශන්ටෝ විසින් මෙහෙය වනු ලබයි.
මෙම තරගය ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් තරගය මෙය වීමත් විශේෂත්වයකි.