කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට  සුදුසුකම් ලබන්න බංගලාදේශ  කණ්ඩායම අඩියක් පිටුපසින්

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට  සුදුසුකම් ලබන්න බංගලාදේශ  කණ්ඩායම අඩියක් පිටුපසින්

බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 60කින් ජයගැනීමට බංගලාදේශ පිළ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 48.5ක් තුළ සියලු දෙනා දැවි රැස්කර ලකුණු සංඛ්‍යාව 184ක්.

එහිදී නිගාර් සුල්තාන් ලකුණු 68ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී කරිෂ්මා රම්හරක් කඩුලු 04ක් දවා ගැනීමටයි සමත් වුණේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 35ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

එහිදී ශෙමින් කැම්බෙල් ලකුණු 28ක් රැස්කරගත්තා. පන්දුයැවීමේදී නාහිදා අකටෙර් කඩුලු 03ක් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමඟ බංගලාදේශ කණ්ඩායමට ඍජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවට තවදුරටත් සමීප වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තව එක් තරගයක් ජයගන්නේ නම් අදාළ තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගනු ඇති.

එලෙස නොවන්නේ නම් නවසීලන්ත කණ්ඩායම ඒ සඳහා සුදුසුකම් ලබගන්නා බව සඳහන්.

මේ වනවිට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා තිබෙනවා.

Share This