බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට දෙවන වරෙන්තුවක්
බංග්ලාදේශයේ අධිකරණයක් හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට අත්අඩංගුවට ගැනීමේ දෙවන වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ ඇගේ පාලන කාලය තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චෝදනා මතයි.
දැනටමත් මානව හිමිකම් කඩ කිරීමට එරෙහි අපරාධ චෝදනා මත හසීනා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බව සඳහන්.
බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ ප්‍රධාන අභිචෝදක පවසන්නේ ෂෙයික් හසීනා සහ ඇගේ හමුදා උපදේශක, හමුදා නිලධාරීන් සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇතුළු තවත් 11 දෙනෙකුට මෙම නව වරෙන්තුව නිකුත් කර ඇති බවයි.
ඇගේ පාලන සමයේදී බංග්ලාදේශ ආරක්ෂක නිලධාරීන් 500 කට අධික පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වන අතර, සමහරු වසර ගණනාවක් රහසිගත සිර කඳවුරුවල රඳවා තබා ඇති බවත් සඳහන්
කෙසේ වෙතත් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු වින්දිතයින් ඔවුන්ගේ දුක්ඛිත අත්දැකීම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීමට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.