බංගලාදේශය කඩුලු 09ක් දැවි ලකුණු 484යි

බංගලාදේශය කඩුලු 09ක් දැවි ලකුණු 484යි

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (18) නියමිත වේලාවට පෙර නිමා විය.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පැවැති අයපහත් ආලෝක තත්ත්වය හේතුවෙනි.

තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායම කඩුලු 09ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 484කි.

එහිදී නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ ලකුණු 148ක්, මුෂ්ෆිකර් රහිම් ලකුණු 163ක් සහ ලිටන් දාස් ලකුණු 90ක් රැස්කරගත්තහ.

පන්දු යැවීමේදී තරිඳු රත්නායක, අසිත ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක කඩුලු තුන බැගින් දවාගත්තහ. ‍

 

Share This