කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට ඇප

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑණා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර අදාළ විමර්ශනවලට අදාළව ඊයේ (18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
ඒ අනුව ඔවුන් අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියම කළේය.