ශ්‍රී ලාංකීක පුහුණු ශ්‍රමිකයින්ට බහරේනයේ කැමැත්ත

ශ්‍රී ලාංකීක පුහුණු ශ්‍රමිකයින්ට බහරේනයේ කැමැත්ත

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා බහරේනයේ රැකියා සඳහා පුළුල් අවස්ථා ලබාගත හැකි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් සංවිධානය කර තිබු බහරේනයේ ක්‍රියාත්මකවන බලපත්‍රලාභී බඳවාගැනීමේ ආයතනවල නියෝජිතයින් සමග අන්තර් ක්‍රියාකාරී ජාලකරණ සැසියට සහභාගි වෙමිනි.

ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ද්වි පාර්ශවික සහයෝගිතාව ශක්තිමත් කිරීම හා බහරේනයේ සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ සුභසාධනය හා ආරක්ෂාව වැඩිදියුණු කිරිමේ අරමුණෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා පසුගියදා කාර්යාංශ සභාපති එරට සංචාරයක නිරත විය.

විදේශ රටවල සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැපවී සිටින බවත්, බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා බඳවාගැනීමේ නියෝජිතායතනවල අඛණ්ඩව සහයෝගය හා සම්බන්ධතාවය එම නියෝජිතයන් හමුවේ අගය කළේය.

Share This