මාළු ටැංකියකට වැටී බිළිදෙකු මරුට
නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19ක් වයසැති බිළිදෙකු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී බිළිදෙකු බවයි වාද්දුව පොලීසිය පැවසුවේ.
මව සහ පියා නිවසේ සිටියදී දරුවා නිවස ඉදිරිපිට මාළු ටැංකිය අසල රැදී සිට ඇති බව සඳහන්.
අනතුරුව දරුවා දක්නට නොලැබුණු බැවින් සිදුකළ සොයාබැලීමේදී ජල පොකුණට වැටී සිටියදී සොයාගෙන තිබෙනවා.
මෘතදේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසීය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.