ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් නන්පෙරිල් සංචාරක කලාපයේදී මිය යයි

ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් නන්පෙරිල් සංචාරක කලාපයේදී මිය යයි

බලන්ගොඩ – බෙලිහුල්ඔය, නන්පෙරිල් සංචාරක කලාපය නැරඹීමට පැමිණි ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් මිය ගොස් තිබෙනවා.

ඔහු 74 හැවිරිදි වියෙහි පසු වූ අයෙක් බවයි, සමනල වැව  පොලිසිය සඳහන් කළේ.

තම බිරිඳ සමඟ ඔහු ඇතුළු 18 දෙනෙකුගේ කණ්ඩායමක් පසුගිය 10 වැනිදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති බව සඳහන්.

එම පිරිස අද (22) බෙලිහුල්ඔය නන්පෙරියල් ප්‍රදේශයට පැමිණි අතර එහිදී ඇදවැටුණු ඔහුගේ හිස තුවාලවීම හේතුවෙන් අදාළ මරණය සිදුවී ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.

හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලන්ගොඩ මුලික රෝහල රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක   රවින්ද්‍ර ජයතිස්ස මහතාගේ  උපදෙස්  පරිදි  වැඩිදුර පරික්ෂණ  ක්‍රියාත්මකයි.

Share This