ඉන්දිය පිතිකරුවන් අසරණ කළ කැන්ගරු වේග පන්දු බලඇණිය

ඉන්දිය පිතිකරුවන් අසරණ කළ කැන්ගරු වේග පන්දු බලඇණිය

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 184කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (30) සමත් වුණා.

තරගයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්  සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු 474ක් රැස්කරගත්තා.

එහිදී ස්ටිවන් ස්මිත් ලකුණු 140ක්, සෑම් කොන්ස්ටස් ලකුණු 60ක් සහ උස්මන් කවාජා ලකුණු 57ක් ලබාගැනීමටයි සමත් වුණේ.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 04ක් රවින්ද්‍ර ජඩේජා කඩුලු 03ක් දවගත්තා.

ඊට පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 369ක් පමණයි.

එහිදී නිතිෂ් කුමාර් රෙඩ්ඩි ලකුණු 114ක්, යශෂ්වි ජෙයිෂ්වාල් ලකුණු 82ක් සහ වොෂිංටන් සුන්දර් ලකුණු 50ක් රැස්කරගත්තා.

පන්දුයැවීමේදී පැට් කමිංග්ස්, නෙතන් ලයන් සහ ස්කොට් බොලන්ඩ් කඩුලු 03 බැගින් බිඳහෙළීමටයි සමත් වුණේ.

ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 105ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 234ක්.

එහිදී  මානස් ලබුෂේන් ලකුණු 70ක්, පැට් කමිංග්ස්  සහ නෙතන් ලයන් ලකුණු 41ක බැගින් රැස්කරගත්තා.

පන්දුයැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 05ක් දවාගැනීමටයි සමත් වුණේ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 340ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 155ක් පමණයි.

එහිදී යශෂ්වි ජෙයිෂ්වාල් ලකුණු 84ක්, රිෂාබ් පාන්ට් ලකණු 30ක් ලබාගත්තා.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට ඉඩ ලැබු‌ණේ නැහැ.

පන්දුයැවීමේදී පැට් කමිංග්ස් සහ ස්කොට් බොලන්ඩ් කඩුලු 03 බැගින් දවාගත්තා.

ඉන්දිය කණ්ඩායමේ අවසන් කඩුලු 06 ලකුණු 33ක් තුළ දැවී යාමත් විශේෂත්වයක්.

ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ තරග දෙකට එකක් ලෙස පෙරමුණ ගැනීමටයි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණේ.

Share This