ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තරගාවලි ජයක්

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පස් වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 170කි.
ජයග්‍රහණය සඳහා ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17ක් තුළ කඩුලු 07ක් පමණක් දැවී තරගය ජය ගත්තහ.
ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලිය තරග 05ට බින්දුවක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයගන්නා ලදී.