ඔස්ට්‍රේලියාවට ලකුණු 274ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවට ලකුණු 274ක ඉලක්කයක්

2025, ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 273ක්.

එහිදී ශෙදිහුල්ලා අට්ල් ලකුණු 85ක් සහ හසමර්තුල්ලාහ් ඔමර්සායි ලකුණු 67ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී බෙන් ඩවර්ශූයි කඩුලු 03ක් දවාගත්තා.

තරගය පැවැත්වෙන්නේ, ලාහෝර්හිදීයි.

 

Share This