සුඩානයේ බෝම්බ ප්‍රහාරවලින් දින දෙකක් තුළ 127 ක් මරුට

සුඩානයේ බෝම්බ ප්‍රහාරවලින් දින දෙකක් තුළ 127 ක් මරුට

සඳුදා සහ අඟහරුවාදා දින දෙක තුළ පමණක් සුඩාන‍යෙන් වාර්තා වුණු බැරල් බෝම්බ සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 127 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මියගිය පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් සිවිල් වැසියන් බව සඳහන්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, සටන් විරාම ප්‍රයත්නයන් ඇනහිට ඇති බැවින් හමුදාව සහ පැරාමිලිටරි බලකාය (RSF) අතර මාස 20 ක යුද්ධය වඩ වඩාත් ලේ වැකි යුද්ධයක් බවට හැරෙමින් පවතින බවයි.

RSF පාලනය කරන රටෙන් අඩකට හමුදාව ගුවන් ප්‍රහාර වේගවත් කර ඇති අතර RSF ගම්බද ප්‍රදේශවලට දැඩි කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන බව සඳහන්.

දෙපිරිසම ජනාකීර්ණ සිවිල් ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share This