යුක්රේනයේ සටන්වදින උතුරු කොරියානුවන් 100ක් මරුට
මේ මස මුලදී රුසියානු පාර්ශවයෙන් සටනට පිවිසි උතුරු කොරියානු සොල්දාදුවන් 100 ක් යුක්රේන යුද්ධයේදී මිය ගොස් ඇති බව දකුණු කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවසා තිබෙනවා.
දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු, මාධ්‍යවේදීන් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලී සුං-ක්වොන් පවසා ඇත්තේ, තවත් උතුරු කොරියානු සොල්දාදුවන් 1,000 ක් තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූවන් අතර ඉහළ පෙළේ නිලධාරීන් ද සිටින බවත්, සොල්දාදුවන්ට යුක්රේන භූමිය පිළිබඳ ඇති අල්ප දැනුම සහ යුක්රේනය වැඩිපුර ඩ්‍රෝන භාවිතය උතුරු කොරියානුවන්ට අවාසිසහගතවී ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
රුසියාවේ යුද ප්රයත්නයට සහාය වීම සඳහා උතුර කොරියාව සිය හමුදා භටයන් 10,000 ක් යුද පෙරමුණට යවා ඇති බව පසුගිය ඔක්තෝබර් මාසයේදී හෙළි වුණා.