දිල්ලියේ වායු දූෂණයට කෘතිම වැසි සැලසුමක්

දිල්ලියේ වායු දූෂණයට කෘතිම වැසි සැලසුමක්

දිල්ලියේ පවතින වායු දූෂණය අවම කිරීම සඳහා පළමු වරට කෘතිම වැසි ඇති කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව  එළැඹෙන ජූලි 4 වැනි දා සිට 11 වැනි දා දක්වා වළාකුළු බීජ වැපිරීම සැලසුම් කර ඇති බව දිල්ලි පරිසර අමාත්‍ය  මන්ජින්දර් සිං පවසයි.

දිල්ලිය සැලකෙන්නේ වසර ගණනාවක් තිස්සේ වායු දූෂණයෙන් පීඩා විඳින නගරයක් ලෙසය. වළාකුළු බීජ වැපිරීමේ ක්‍රියාවලියේදී එක් ගුවන් ගමනක් මිනිත්තු 90ක් පමණ දිවෙන අතර, දිල්ලියේ වඩාත් දූෂිත ප්‍රදේශ 100ක් වටා කිලෝමීටර 100ක පරාසයක් ආවරණය කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියන් රුපියල් කෝටි 3.21ක පමණ ප්‍රමාණයක් වෙන් කර තිබේ.

සඳුනි තිලකරත්න

Share This