Artemis II චන්ද්‍ර මෙහෙයුම හෙට මුලසිට Live බලන්න ස්ට් වෙන්න…

NASA විසින් මෙහෙයවන Artemis II යාත්‍රාව 2026 අප්‍රේල් 1 දින Kennedy Space Center වෙතින් අභ්‍යවකාශයට යොමු කිරීමට නියමිතය.

මෙම මෙහෙයුම යටතේ ගගනගාමීන් හතර දෙනෙකු චන්ද්‍රයා වටා දින 10ක ගමනක් සිදු කිරීමට නියමිත අතර, සම්පූර්ණ මෙහෙයුම සජීවීව ප්‍රචාරය කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙය 1972 දෙසැම්බර් මාසයේ සිදු වූ Apollo 17 මෙහෙයුමෙන් පසුව, වසර 50කට වැඩි කාලයකින් මිනිසුන් චන්ද්‍රයා වටා ගමන් කරන පළමු අවස්ථාව වේ. කෙසේ වෙතත්, මෙම මෙහෙයුමට චන්ද්‍රයා මතට අවතරණය වීමක් ඇතුළත් නොවේ.

මෙම මෙහෙයුමට Victor Glover, Christina Koch, Jeremy Hansen සහ Reid Wiseman යන ගගනගාමීන් එක්ව සිටින අතර, චන්ද්‍ර මෙහෙයුම් ඉතිහාසයේ නව වාර්තා කිහිපයක් පිහිටුවීමටද මෙය හේතු වනු ඇත.

Artemis II මෙහෙයුම මගින් Orion spacecraft යාත්‍රාවේ ජීව ආධාර පද්ධති ගගනගාමීන් සමඟ පරීක්ෂා කිරීමට නියමිත අතර, අනාගතයේ චන්ද්‍රයා වෙත මිනිසුන් යැවීම සඳහා මූලික පියවරක් ලෙස සැලකේ.

මෙම මෙහෙයුම YouTube මඟින් සජීවීව ප්‍රචාරය කිරීමට NASA සැලසුම් කර ඇති අතර, අභ්‍යවකාශ යාත්‍රාවෙන් සෘජු දසුන් සහ දෛනික යාවත්කාලීන කිරීම් ද ලබාදීමට නියමිතය.

Share This