වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.

ආණ්ඩු විරෝධී විරෝධතා අවස්ථවේ තුවාලකරුවන් හා අපහසුතාවයට පත්වූවන් රැගෙනයාමට පැමිණි පොලිස් රෝහලට අයත් ගිලන් රථයක් අවහිර කිරීම, රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය කිරීමට නොදී බාධා කිරීම, ප්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී සාපරාධී බලහත්කාරය පෑම සහ රාජ්‍ය සේවකයකු ඔහුගේ රාජකාරී පරාසය තුළ සිදුකරනු ලබන ආඥාවකට අකීකරුවීම ඇතුළු චෝදනා හතක් ඔහුට විරුද්ධව ගොනු කළ චෝදනා වනවා.

අදාළ නඩුව 2022 වසරේදී ගොනු කර තිබුණේ, කොටුව පොලිසිය විසින්.

Share This