පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගන්න නියෝගයක්
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කර තිබෙනවා.
ඒ, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි මස 3 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියොග කර ඇති බව සඳහන්.