විස්සයි විස්ස තරගාවලිය දිනූ අරාබි කණ්ඩායම බංගලාදේශයට නයි පෙන්නයි

බංගලාදේශය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලිය තරග 2 – 1ක් ලෙස ජයගැනීමට එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සමත් විය.
ඒ, දෙරට අතර පැවැති තෙවන තරගය කඩුලු 07කින් ජයගැනීමත් සමඟය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 162කි.
ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19.1ක් තුළ කඩුලු 03ක් පමණක් දැවි තරගය ජයගත්තහ.
දෙරට අතර පැවැති පළමු තරගය බංගලාදේශ කණ්ඩායම ජයගත් අතර දෙවන තරගය ජයගනු ලැබුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමයි.