අප්‍රේල් මස අස්වැසුම් දීමනාව අද සිට

අප්‍රේල් මස අස්වැසුම් දීමනාව අද සිට

අප්‍රේල් මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභ අද (11) සිට ලබාගැනීමට හැකි බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, දාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇති බවයි.

තවද මේ වසරේ අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා ද මේ මාසයේ සිට ගෙවීම් ආරම්භ කර තිබේ.

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් දාහත් ලක්ෂ 37,141ක් සඳහා රුපියල් බිලියන 12යි දශම6යි 3ක් වෙන්කර ඇත.

එමෙන්ම එම පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් පන්ලක්ෂ 80,944ක් සඳහා රුපියල් බිලියන දෙකයි දශම නවයක මුදලක් ද ගිණුම් ගතකර ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දැනුම්දෙයි.

Share This