දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සේවයේ පුරප්පාඩු 100ක් සඳහා පත්වීම්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සේවයේ පුරප්පාඩු සඳහා පත්වීම් ලිපි 100 දෙනෙකුට ලබාදීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
පුරප්පාඩු 303ක් සඳහා 2019 වර්ෂයේදී විභාගයක් පවත්වා තිබූ අතර ඉන් 178 දෙනෙකු තෝරාගෙන තිබූ බව සඳහන්.
කෙසේවෙතත් ඉන් අනතුරුව එය 2022 වසරේදී අත්හිටුවීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් නව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය අනුව අද (06) දින පත්වීම් ලබා දුන් අතර එය 100 කට සීමා වුණා.
ඒ, මීට වසර 5කට පෙර පැවැති විභාගයක් හා සම්මුඛ පරීක්ෂණයකින් සිදු කරන හේතුවෙන් පත්වීම් ලබා ගැනීමට ඉතිරිව සිටියේ 100 දෙනෙකු පමණක් වන බැවින්.
මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, , දුම්රිය දෙපාර්තමේන්තුව වැනි පැරණි කීර්තිමත් රජයේ ආයතනයක විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලැබීම වටිනා අවස්ථාවක් බව වන බවයි.
එමෙන්ම රාජ්‍ය අංශය ශක්තිමත් කර උපරිම ඉහළ මට්ටමකට ගෙන ඒමට උත්සාහා කරන බව ද ඔහු කියාසිටියා.