පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි
2025 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත “පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2024 (2025)” සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිබෙනවා.
උක්ත විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතුයි.
අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ, නිල වෙබ් අඩවිය වන https://donenets.lk වෙත පිවිස ” අපගේ සේවා” යටතේ ඇති “Piriven Exam Information Center” මත Click කිරීම මඟින් හෝ, https://onlineexams.gov.lk/eic/index.php/piriven වෙත පිවිසිය යුතු වනවා.
මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.
මාර්ගගත අයදුම්පත් භාරගැනීම අද (20) පෙ.ව. 9.00ට ආරම්භ කෙරුණු අතර එය 2025 ජනවාරි මස 15 දින ප.ව. 9.00ට අවසන් කිරීමට නියමිත බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.