‘Apple’ සමාගම අභිබවා ‘Nvidia’ පෙරට
මේ මොහොතේ ලොව වටිනාම සමාගම 'Nvidia' යි
‘Apple’ සමාගමේ වටිනාකම අභිබවා යමින් ලෝකයේ වටිනාම සමාගම බවට ‘Nvidia’ සමාගම පත්ව තිබෙනවා.
ඒ, Apple සමාගම ලොව වටිනාම සමාගම බව ප්‍රකාශයට පත්කර දින කිහිපයකට පසුවයි.
ඒ අනුව ‘Nvidia’ සමාගමේ කොටස් වටිනාකම ඊයේ සියයට 3.5කින් ඉහළ ගොස් තිබුණා.
එහි අගය සටහන් වුණේ ඩොලර් 136ක් ලෙසයි.
‘Nvidia’ සමාගම කෘත්‍රීම බුද්ධිය (AI) සඳහා භාවිත කෙරෙන මෙවලම් සඳහා අවශ්‍ය පරිගණක චිප් නිෂ්පාදනය කරනු ලබනවා.
එම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවයි වෙළෙඳපොළ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ අනුව ‘Nvidia’ සමාගමේ වර්තමාන වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.34ක්.
එය අමෙරිකානු බහුජාතික සමාගමක් වන අතර එහි මූලස්ථානය කැලිෆෝනියාවේ පිහිටා තිබෙනවා.
මයික්‍රොසොෆ්ට්, මෙටා සහ ගූගල් වැනි තාක්ෂණික දැවැන්තයන්ගෙන් ‘Nvidia’ සමාගමේ චිප්ස් සඳහා අධික ඉල්ලුමක් පවතින බව සඳහන්.
‘Nvidia’ සමාගමේ කොටස් මිල 2023 වසරේ දී තුන් ගුණයකින් වැඩි වූණා.
2024 වසරේ මේ දක්වා කාලය තුළ එය සියයට 182කින් පමණ ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
OpenAI’s ChatGPT වැනි (AI) මාදිලි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත මධ්‍යස්ථානවල භාවිත වන (AI) චිප් සඳහා වෙළඳපලෙන් සියයට 80ක් පමණ ‘Nvidia’ විසින් පාලනය කරනු ලබනවා.
එහි කොටස් වෙලඳපොල ආරම්භයේ සිට (1999) ‘Nvidia’ කොටස් සියයට 591,078 කින් ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
‘Nvidia’ එහි මුල් දශක කිහිපය පරිගණක ක්‍රීඩාවලට අවශ්‍ය චිප් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළ අතර මේ මොහොත වන විට එය ලෝකයේ දැවැන්තම සමාගම බවට පත්ව තිබෙනවා.