අස්වැසුම දෙවැනි අදියරට අදාළව අභියාචනා භාර ගැනීම දීර්ඝ කෙරේ

අස්වැසුම දෙවැනි අදියරට අදාළව අභියාචනා භාර ගැනීම දීර්ඝ කෙරේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

එම කාල කාල සීමාව මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් වේ.

මේ වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා අද (22) වන විට අභියාචනා 39,707ක් ලැබී ඇති අතර විරෝධතා 3,183ක් ද ලැබී තිබේ.

Share This