බංගලාදේශයට තවත් තරගාවලි ජයක්

පාකිස්ථානය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත්විය.
මීපූර්හි පැවැති මෙම තරගාවලියේ පළමු තරගය බංගලාදේශ කණ්ඩායම කඩුලු 07කින් ද දෙවන තරගය ලකුණු 8කින් ද බංගලාදේශ පිළ ජයගත්තහ.
ඊයේ (24) පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 74කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවි ලකුණු 178ක් රැස්කරගත් අතර ඊට පිළිතුරු ලෙස බංගලාදේශයට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 104ක් පමණයි.
ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලිය ද බංගලාදේශ කණ්ඩායම ජයගැනීම විශේෂත්වයකි.