පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තවත් ආචාර්ය පට්ටමක් මකලා
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරිපත් තිබූ ආචාර්ය ගරු නාමය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ, එහි වැරදි ලෙස සටහන්ව තිබූ තොරතුරු කිහිපයක් සංශෝධනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන්.
හර්ෂණ නානායක්කාර මහතාට පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව සඳහන්.
කෙසේ වෙතත් සභානායක කාර්යාලය ඒවා තිබූ ලිපියක තොරතුරු අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍යවරයාගේ නම ඉදිරියේ ආචාර්ය උපාධියක් සඳහන් කර තිබූ බවයි පැවසෙන්නේ.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව ඇද්දැයි පූර්ණ සොයාබලීමක් කරන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් වෙබ් අඩවි බාර නිලධාරින්ට දැනුම්දී ඇති බව සඳහන්.
ඒ අනුවයි වැරදි ලෙස සටහන් කර තිබූ ඇතැම් තොරතුරු කිහිපයක් සංශෝධනය කර ඇත්තේ.
හර්ෂණ නානායක්කාර මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ද ආචාර්ය යනුවෙන් තමන්ව හඳුන්වාදී නැහැ.