ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 113කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 37 තුළ කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 255ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 256ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 30.2ක් තුළසියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 142ක් පමණයි.

එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 64ක් සහ ජනිත් ලියනගේ ලකුණු 22ක් ලබාගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ තරග දෙකට බින්දුවක් ලෙස එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමටයි නවසීලන්ත කණ්ඩායම සමත් වුණේ.

Share This