රාමනාදන් අර්චුනාට තවත් වාරණයක් ?

දින අටකට තමන්ට ෆේස්බුක්හි කොමෙන්ට් කිරීම තහනම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ෆේස්බුක්හි සටහනක් තබමින්.
මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ, අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය ගෙන ඇති පසුබිමකයි.
මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඊට අමතරව, අර්ච්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කරන බවද කථානායකවරයා දැනුම් දුන්නා.
ඒ අනුව හෙට (20) සිට මැයි 08 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 තුළ අර්ච්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ වාර්තා කිරීම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි, කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.
එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද? නැද්ද ? යන්න ඉදිරියේදී සලකා බැලීමට නියමිතයි.