ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවන ක්‍රිකට් තරගය ගැන දැනුම්දීමක්

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 13 වැනිදා පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවිවී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව අද (11) පස්වරු 03.30ට පමණ වසා දැමීමට ද කටයුතු කර ඇත.
ඒ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා අදාළ කවුළු වෙත නොපැමිණෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කළේ.