මන්ත්‍රී අර්ච්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (21) උදෑසන යාපනය සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් කරමින් සිටියදී අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා තිබෙනවා.

රාමනාදන් මන්ත්‍රීවරයාගේ රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නැවත්වූ අවස්ථාවේදී එහි සිටි රථවාහන පොලිස් නිලධාරීන් සමග ආරවුලක් ඇති කරගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය අරඹා ඇති බව සඳහන්.

එහිදී මන්ත්‍රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග ආරවුලක් ඇතිකරගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදීයි.

එම ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති අතර, මන්ත්‍රීවරයා විසින් පොලිස් රාජකාරියට වඩා තමන්ගේ රාජකාරිය ලොකු බව පවසමින් බැන වැදී ඇති අතර සිංහල දෙමළ ජාතිවදී ආකල්පද දරමින් කලහකාරී ලෙස හැසිර ඇති.

කෙසේ වෙතත් රාමනාදන් මන්ත්‍රීවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් මෝටර්රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකිරීමට පියවර ගන්නා බවටද පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share This