ධීවරයින්ට රක්ෂණ ක්‍රමයක් ?
ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී යි.
ඒ සඳහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකඟතාවය පළකර ඇති බවද රත්න ගමගේ මහතා ප්‍රකාශ කළා.
එළඹෙන අයවැයෙන් පසු ධීවරයින් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බවයි ඒ මහතා පැවසුවේ.
ඒ අනුව පූර්ණ සහ අර්ධ දේපල හානිවලදී සහ ජීවිත හානිවලදී මෙහිදී ප්‍රතිලාභ ලබාදීමට නියමිතයි.