පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතුළත් වැරදි දත්ත ගැන පරීක්ෂණයක්
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්
වැරදි තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිස් කණ්ඩායමක් පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
එහිදී වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීම සඳහා පාදක කරගත් ලිපි ලේඛන කිහිපයක් ද නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව සඳහන්.
පසුගිය සතියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේ තමාගේ නමට ‘ආචාර්ය’ යන නාමය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
මෙම ඇතුළත් කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ තත්ත්වය අපකීර්තියට පත් වූවක් බවද අමාත්‍යවරයා එහිදී පවසා තිබුණා.