මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධීවරයින් දස දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධීවරයින් දස දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී මෙම ධීවරයින් පැමිණි යාත්‍රාව ද සිය භාරයට ගත් බවයි, ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන පැමිණ ඇති බව සඳහන්.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

Share This